විදෙස් සංචාරකයින් නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණියත් ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එය බරපතළ තත්ත්වයක් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
