Spread the love


අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ යළි පැලුම් කිහිපයක් හටගෙන ඇති බැවින් ලබන සතියේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණයන් ගෙනවිත් ඉදිරි සතියේ ස්ථානීය පරික්ෂාවක් සිදු කොට ඉදිරි සංරක්ෂණ කටයුතු මොන ආකාරයට ද කරන්න ඹ්න කියා තීරණයක් ගන්නා බව මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.
ස්ථූපයේ හතරැස් කොටුව ආසන්නයේ සිට ගර්භය දෙසට මීටර් 02ක් පමණ දිග පැලුම් කිහිපයක් හදුනා ගෙන ඇති අතර මීට පෙරද ජේතවන ස්තූපයේ පැලුම් කිහිපයක් හට ගෙන තිබූ බව පැවසීය.එම නිසා මෙය ව්‍යාප්තවීම පිළිබදව සෑම දින දහයකට වරක්ම පරික්ෂා කිරිමක් සිදු කෙරන බවද වැඩි දුරටත් පැවසුවේය.