දිවයිනේ අද (14) පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකර පුද්ගලයන් 773 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී වාහන 124 ක් අත්අඩංගුවට ගෙන තිබේ.මේ දක්වා කළ පරික්ෂාවලදී පුද්ගලයන් 71467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පළාත් සංචරණ සීමාව මේ වනවිට දැඩිව ක්‍රියාත්මක වෙන බැවින් අනික් පලාත් වල සිට බස්නාහිර පලාතට ඇතුළු වන ස්ථාන 13 කදි රථවාහන පරීක්ෂා කිරීම සිදුවන බවද පැවසීය.
ඒ අනුව ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතට ඇතුළු වීමට හා පිටවීමට උස්සාහ දැරූ රථවාහන 1569 සමඟ පුද්ගලයන් 2502 පරීක්ෂාවට ලක්කර තිබේ.
නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.
