විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැණෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය. .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත්, යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු පිරිසක් සමඟ අද (14) සිදු කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය. “කොවිඩ් රෝගීන් හෝ මරණ සම්බන්ධ දත්ත හිතාමතා වෙනස් කිරීමක් කිසි ලෙසකින් හෝ සිදුවන්නේ නැහැ. හිතාමතා එවැනි දෙයක් කරනවා නම් පෙන්වන්න කියා මම අභියෝග කරනවා.කොරෝනා පාලනය කරන්න වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මකයි. පළමු එක තමයි එන්නත්කරණය. එහි සාර්ථකත්වය ගැන මාධ්‍ය කතා කරනවා අඩුයි. මොකද ලෝකයේ අනිකුත් රට වලට සාපේක්ෂව අපි එන්නත්කරණයෙන් ඉතාමත්ම සාධනීය තැනක ඉන්නේ. සමහරු කතා කරනවා වෙන රටවල් වල කොවිඩ් පාලනය ගැන. අපේ රටේ වෛද්‍යවරු, හෙද හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ජීවිත පරදුවට තබා කරන සේවය ගැන අපි සාධනීය ලෙස බලන්න ඕනෑ. මධ්‍යස්ථාන 800 ක එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදුවෙද්දී දෙක තුනක සිදුවන අඩුපාඩු මාධ්‍ය මගින් පෙන්වනවා .එතකොට හිතෙනවා හැමතැනම ගහ මරා ගන්නවා කියලා. මේක සංවිධානත්මක ලෙසත් කරනවා.
