Spread the love


කොරෝනා වසංගතය මර්ධනය කිරීමට යොදා ගත හැකි වෛද්‍ය උපකරණ තොගයක් චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙත පරිත්‍යාග කර තිබෙනවා. එසේ පරිත්‍යාග කළ භාණ්ඩ තොගය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා වෙත නිල වශයෙන් භාරදිම ඊයේ (14) චීන තානාපති කාර්යාලයේදී සිදු විය.
ඉදිරියේදී මෙම භාණ්ඩ තොගය කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ වෙත භාර දීමට නියමිතය.