ලබන සතියේ රට විවෘත කිරිම පිළිබදව අවසන් තීරණය එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජානාධිපති කාර්ය සාධන බලකායේදී ගන්නා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.
රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බැවින් එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරනු ඇතැයිද යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
