Spread the love


දිවයිනේ ප්‍රචලිතම සර්ෆින් වෙරළ තීරයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වී ඇති ආරුගම්බේ වෙරළ තීරය මෑතක සිට මුහුදු කාදනයට ලක්වී ඇති බැවින් එයට කඩිනමින් පිලියම් යොදන ලෙස වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා අදාල නිලධාරීන් දැණුවත් කළහ.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ ඊයේ(14) අම්පාර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදීය.
මෙහිදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මුහුදු මහා විහාරස්ථානය වැද පුදා ගැනීමට අමතක නොකළේය. ඉන් අනතුරුව විහාරාධීපති වරකාපොල ඉන්දසිරි හිමියන් හමුවූ අවස්ථාවේ එම භූමිය පිලිබද ඇති ගැටලු පිලිබද වද සාකච්ඡා කළහ.
මින් අනතුරුව ව්‍යාපාර පවත්වාගෙන යන හෝටල් හිමියන් කිහිප දෙනෙකු හමුවු අවස්ථාවේ වෙරළ කාදනය වීමේන් ආරක්ෂා කරදෙන ලෙසද ඉල්ලා සිටියේය. එයට පිළිතුරු දුන් ඇමතිවරයා අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළ කාදනය වලක්වා ලීම සදහා රුපියල් මිලියන 50 වියදමකින් ආරක්ෂිත වැඩ පිළිවෙලක් මේ වසර දියත් කරන බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසුවේය.
වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක , අම්පාර දිස්ත්‍රික්කයේ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ , අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි , වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. රනවක , ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍රසේන යන මහත්වරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නායකයන්, රාජ්‍ය නිලදාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.