Spread the love

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් හමුවීම කැපී පෙනෙන ලෙස අඩුවී ඇතිබව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඒ අනුව පසුගිය මාසයේ මුල් සතියේ අඛණ්ඩව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 600 ඉක්මවා කොරෝනා රෝගීන් වාර්තා වු අතර නිරෝධායන ඇදිරි නීතිය පැනවීමෙන් පසුව ක්‍රමයෙන් අඩුවී පසුගිය දින කිහිපයේ කොරෝනා ආසාදිතයින් හමුවීම 300 අඩු මට්ටමකට පාලනය වී තිබේ.

තවදුරටත් කොරෝනා ආසාදිතයින් හමුවීම පාලනය කර ගැනීම සදහා ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.