කොරෝනා ආසාදිතයින් මානසික ආතතිය දුරු කර ගැනීමට කටයුතු කළයුතු බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානසික වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥා යශෝදා රෝහණචන්ද්‍ර මහත්මිය පැවසූවාය.
කොරෝනා ආසාදිත ඇතැම් පුද්ගලයන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත් ,සමහරෙක්ට “විශාදය” නැමැති මානසික රෝගය ඇතිවිය හැකි බව පැවසූවාය.
කොරෝනා වෛරසය ආසාදිතයින් තනිව සිටීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය හැකිය.එම නිසා දුරකථන මාර්ග ඔස්සේ සිය යහළු මිත්‍රයන් සමඟ නිතර කථා කොට විහිළු තහලු කර ගැනිීමෙන් මේ තත්ත්වය මඟහරවා ගැනීමට හැකි වන බවද පැවසුවාය.
කෝවිඩ් ආසාදනය වුවද ,හුදකලාව සිටින අවස්ථාවේ තනිව තමන් සාමාන්‍ය දිනවලදී යෙදුණු ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් මානසික සුවතාව ලබා ගැනීමට හැකිවන අතර හැකිතාක් සතුටි සහ විනෝදයෙන් සිටීම ඉතා වැදගත් බව පැවසූවාය.
මේ අතර කොරෝනා සුව වීමෙන් පසුව ද යම් යම් මානසික ආතතියෙන් පෙළේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සිදුකර යුතුබව යශෝදා රෝහණචන්ද්‍ර මහත්මිය පැවසූවාය.
