Spread the love


කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් කඩිනමින් ප්‍රතිකාර සදහා යොමු වන ලෙස ඹවුන්ගෙන් ඉල්ලා සිටින බව පවුල් සෞඛ්‍ය කාර්‍යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥා චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.
ප්‍රමාද වී පැමිණෙන ගර්භනී මවුවරුන් අසාද්‍ය තත්වයට පත්වීම වැඩි බවද වැඩි දුරටත් පැවසූවාය.
කොරෝනා ආසාදිතව ගර්භනී මවුවරුන් 52 ක් පමණ මේවන විට මියගොස් තිබෙනවා.මේ තත්ත්වය අවම කර ගැනීමට ගර්භනී මවුවන්ගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව සදහන් කළාය.
කොරෝනා රෝග ලක්ෂණ මතු වූ සැනින් රෝහල් ගතවීම තුළින් මෙම තත්වය මඟහරවා ගත හැකිවෙයි. එම නිසා ගර්භනී මවකට කොරෝනා වෛරසය ආසාදනය වූ විට අසාද්‍ය තත්ත්වයට පත්වීම ඉක්මන් බවද වැඩිදුරටත් පැවසූවාය.