සුරකිමු ගංගා වැඩ සටහන යටතේ දිස්ත්‍රික්ක 25ටම මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක යටතේ ක්‍රියාත්මක වන වැඩ සටහන් සම්බන්ධව අද දින (17) පෙරවරුවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් අමතමින් සූම් යෙදවුම උපයොගී කර ගනිමින් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ නිලධාරිහු පිරිසක් මෙයට සහභාගි වූහ.
මේ සඳහා දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරු ඒ ඒ දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති අමාත්‍යවරයාට පැහැදිළී කළේය. සුරකිමු ගංගා සඳහා රජය 2021 වසරට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200කි.
ඒ අනුව 2021 වසර සඳහා මේ වනවිට දිස්ත්‍රික්ක 13ක ව්‍යාපෘති 36කට අනුමැතිය හිමි වී තිබෙන අතර ඒ සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 118ක මුල්‍ය ප්‍රතිපාදන මේවනවිටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දී තිබේ.
එමෙන්ම සෙසු දිස්ත්‍රික්කවලටද මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඉතාමත් ඉක්මනින් තම ව්‍යාපෘති ඉදිරිපත් කරන්නැයි අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
