දිවයිනේ අද (17)පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී වාහන 77ක්ද, පුද්ගලයන් 73894 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
පලාත් සංචරණ සීමාව මේ වනවිට දැඩිව ක්‍රියාත්මක වෙන බැවින් පිට පලාත් වල සිට බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 13 කදි රථවාහන පරීක්ෂා කිරීම සිදුවන බවද පැවසීය.
ඒ අනුව ගත වූ පැය 24 තුළ බස්නාහිර පලාතට ඇතුළු වීමට හා පිටවීමට උස්සාහ දැරූ රථවාහන 744 සමඟ පුද්ගලයන් 1356 පරීක්ෂාවට ලක්කර තිබේ.
තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
