Spread the love

වැව් ආශ්‍රිතව ඇවිදින මංතීරු ඉදිකිරීමට පෙර ඒ පිළිබඳව තාක්ෂණික කමිටු නිර්දේශ ලබා ගැනීමට තීරණය කල බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් නිහාල් සිරිවර්ධන මහතා පවසයි.

තාක්ෂණික කමිටුවේ සියලු දෙනාගේ එකගතාව මත පමණක් එම ඉදිකිරීම් සදහා අනුමැතිය ලබා දීමට නියමිතය.

ඒ අනුව මේවනවිට යෝජනා වී ඇති පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් අත්හිටුවා තිබේ. කන්තලේ වැව ආශ්‍රිතව ඉදිකිරීමට යෝජනා වූ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් ද අත්හිටුවූ බව පැවසුවේය.

කුමන ඉදිකිරීමක් සදහා වුවද ජනතා එකඟතාවක් නොමැතිනම් ඉදිකිරීම් සිදු නොකරන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේය.