Spread the love

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ යටිතල පහසුකම් සංවර්රධනය කිරීමේ ව්‍යාපෘති රැසක් මේවන විට ක්‍රියාත්මක බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඒ අනුව වාට්ටු රැසක අලුත් වැඩියා කටයුතු සහ පුළුල් කිරීමේ කටයුතු සිදු වෙයි. මේ අතර රෝහල් භූමියේ ස්ථාපිත ඉදිකිරීම් අවසන් වෙමින් ඇති වකුගඩු ඒකකය ඉදිරිපස කාපට් ඇතිරීම මේ දිනවල සිදුවෙයි.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පසුව රෝහල් භූමියේ අලංකරණ කටයුතු කිරීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.