එළඹෙන මහ කන්නය සදහා අවශ්‍ය කාබනික පොහොර ඇතුළු සෙසු පොහොර බෙදා හැරීම මේ මාසය අවසන් වීමට පෙර ආරම්භ කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහතා පවසයි.
ඊට අදාළ කටයුතු මේවන විට සූදානම් කර ඇතිබවත් ,ගොවීන්ට කාබනික ගොවිතැන සදහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇතිබවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
