Spread the love

දිවයිනේ අද(19) පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 551 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී වාහන 37 ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
පලාත් සංචරණ සීමාව මේ වනවිට දැඩිව වෙයි.
ඒ අනුව අනෙකුත් පලාත් වල සිට බස්නාහිර පලාතට ඇතුළු වන ස්ථාන 13 කදි රථවාහන පරීක්ෂා කිරීම සිදුවන බව පැවසීය.
ගතවු පැය 24 තුළ බස්නාහිර පලාතට ඇතුළු වීමට හා පිටවීමට උස්සාහ දැරූ රථවාහන 997 සමඟ පුද්ගලයන් 1553 පරීක්ෂාවට ලක්කර තිබේ.
තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.