මුහුදු බත් වෙමින් ඇති Mv x-press pearl නෞකාවෙ බලපෑමෙන් මියගිය බවට සැකකරන මුහුදු සත්වයින්ගේ සාම්පල් කිහිපයක් විදෙස් රසායනාගාර වෙත යොමුකර බව සමෘද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවසූවාය.
ගොඩබිමට ගොඩ ගැසූ ඇතැම් බහලුම් වල තිබූ ප්ලාස්ටික් සාම්පල් කොටස් ද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රසායනාගාර වෙත යොමුකර බව පැවසීය.
තවත් සත්වයින්ගේ කොටස් ඇමරිකාව සහ ප්‍රංශය වෙත යොමුකිරීමට එම රාජ්‍යන් සමඟ සාකච්ඡා කරමින් ඇතිබව සදහන් කළාය.
අනතුරින් මුහුදට වැටුණු බහලුම් සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.ඒ සදහා සහ සිදුවූ හානිය පිළිබඳ පරීක්ෂා කිරීමට නෞකාව හිමි සමාගම විසින් පත්කර කණ්ඩායම මේවන විට අද්‍යනයක් ආරම්භ කර ඇතිබව සභාපතිවරිය පැවසූවාය.
එම වාර්තා මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.අනතුරටපත් නෞකාව මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීම සදහා සමාගමක් තෝරා ගැනීමට සිදුකර ටෙන්ඩර් කැඳවීම ලබන 21 වනදා අවසන් වීමට නියමිත බව සභාපතිවරිය වැඩිදුරටත් පැවසූවාය.
