මත් වතුර අලවි සැල් විවෘත කිරීම හරහා යම් ආකාරයකින් කොරෝනා පොකුරක් නිර්මාණය වුවහොත් එහි වගකීම අදාළ බලධාරීන් දැරිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
කොරෝනා වයිරස තත්ත්වය මේවන විට රටතුළ පාලනය වෙමින් ඇති පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම අනුමත කර නොහැකිය.
රෝහල් වල සහ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පැවති තද බදය මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
එය යහපත් තත්ත්වයක් එය තවදුරටත් ආරක්ෂා කරගත යුතු බවද සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.
