Spread the love


රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකිය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළැඹෙන අයවැය මඟින් විසඳන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

රුපියල් 5,000ක දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ.

එමඟින් ඔහු දක්වා ඇත්තේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කළාප අධ්‍යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවය.

එසේම රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලබාගත හැකි බවත්ය.