Spread the love

දැඩිලෙස අබලන්ව පැවති ගාල්ල නියාගම ,පොරවගම ,ඉංගලහේන, කිරිදොල මාර්ගයේ සංවර්ධන කටයුතු මේවන විට ක්‍රියාත්මක බව නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මාර්ගය කාපට් අතුරා සංචරණය කෙරෙන මෙම මාර්ගය හරහා සෘජුවම ගම්මාන 03 හා කෘෂි ඉඩම් රැසකට යා හැකිය.

හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙන දිගම ග්‍රාමීය මාර්ගය මෙය බැවින් මාර්ගයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 85 වැඩි මුදලක් වෙන්කර ඇතිබව මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය පවසයි.