ගුරුවරුන්ගේ වර්ජනය නිසා වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ගම්බද ප්‍රදේශවල සිටින අහිංසකම දුප්පත් දරුවන්ට යැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසිය.
උතුරු පළාතේ දරුවන්ටත් එම පළාතේ ගුරුවරු මෙම වර්ජනයට සහභාගි නොවී ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පාසැල්, පුද්ගලික පාසැල් මෙන්ම මුදල් තිබෙන පවුල්වල දරුවන්ටත් මාර්ගගත ක්‍රමයට ඉතා හොඳින් අධ්‍යාපනය ලැබෙන බව අපි දන්නවා.
නමුත් මෙම වර්ජනය නිසා වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ මේ රටේ ගම්බදව ජීවත් වෙන අහිංසකම හා දුප්පත් පවුල්වල දරුවන්ට යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අද දින (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ගුරුවරුන්ට රුපියල් 5000ක මාසිකව අමතර දීමනාවක් ලෙස ලබා දීම ගුරු ගැටළුව සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ දෙයක් නොවේ. ගුරු වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් 11න් 10කටම අපි නිශ්චිත විසඳුම් ලබා දුන්නා. අනික් ඉල්ලීම වැටුප් සම්බන්ධව. මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැක්කේ ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව නැති නිසයි. ඒ සඳහා ඉදිරි අයවැය මගින් විසඳුමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
රුපියල් 5000 මාසික දීමනාව ලබා දීමට තීරණය කළේ මුදල් අමාත්‍ය තුමායි. එතුමා ඒ තීරණය ගත්තේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ගුරු සංගම් කළ ඉල්ලිම්වලට රජය විසින් විශ්වාසය පළ කිරීමේ වැඩ පිළීවෙළක් වශයෙනුයි. නමුත් ගුරු සංගම් රුපියල් 5000ක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වගේම ඒ අය ඒ සම්බන්ධව ඉල්ලීමක් සිදු කර නැහැ.
