Spread the love

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පීඩාවටපත් බස්රථ හිමියන් සදහා සහන සැලසීම ලබන (24) සිකුරාදා ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව පැවසීය.බලපත්‍ර හිමි පෞද්ගලික බස්රථ 17000 සදහා සති දෙකක් තුළ සහන පැකේජය ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

බස්රථ සේවකයන් සදහා සහන සැලසීමට අවධානය යොමුව ඇතිබව සදහන් කළේය.ඒ සදහා අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් ඇතිබව පැවසීය.