Spread the love

වයස අවුරුදු 20-30 අතර පුද්ගලයන්ගෙන් 37%ක් කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබා ගෙන ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශතය 12% බව පැවසීය.තරුණ තරුණියන් එන්නත් මාත්‍රා ගැනීමට යම් මැලිකමක් දක්වන බව පැවසීය.

එන්නත් පිළිබඳව ඇති දුරුමත ඊට හේතුවී ඇතිබව පැවසීය.මේ වනවිට එන්නත් තොග ලැබීමත් සමඟ එන්නත් කරන කටයුතු තවදුරටත් වේගවත් කිරීමට හැකි බව සදහන් කළේය.

ආබාධිත පුද්ගලයන් සදහා නිවෙස් වෙතගොස් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.