ආණමඩුව කන්නන්ගර ආදර්ශ විදුහලේ ඊයේ දිනයේපැවති කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහනේදී තරුණ තරුණියන් පිරිසක් ක්ලාන්තව ඇද වැටී තිබේ.
මෙම එන්නත් කරන වැඩසටහන සූදානම් කර තිබුණේ වයස අවුරුදු 20 සිට 30 දක්වා පිරිසටයි.
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවි අබේරත්න මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ කඩිනමින් ඔවුනට ප‍්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බවයි.
එහිදී 2000කට ආසන්න පිරිසකට එන්නත ලබාදීම සිදු වී තිබේ.
එන්නත ලබාගෙන ඉන්පසු විනාඩි 20ක කාලයක එන්නත්කරන මධ්‍යස්ථානයේ රැඳී සිටීමට දැනුවත් තිබූ අතර එසේ රැඳී සිටි තරුණ තරුණියන් කිහිප දෙනකු මෙසේ එක් වරම ක්ලාන්තව ඇද වැටීම සිදුව තිබේ.
එහිදී සෞඛ්‍ය නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කර පැයකට පමණ කාලයකින් පසු ඔවුන්ගේ ඥාතීන් සමග නිවෙස් වෙත යාමට ඉඩ ලබා දී ඇත.
