Spread the love

මෙරට නිෂ්පාදනය කරන දෛනික ඔක්සිජන්  ධාරිතාව මේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සදහා ප්‍රමානවත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥා වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

රෝහල් ගතවන කොරෝනා ආසාදිතයින් සදහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මේ අඩු වී ඇතිබවද පැවසීය.මෙම වනවිට තත්ත්වය යහපත් තත්ත්වයක් බවත් නිවෙස් ප්‍රතිකාර ක්‍රමය බෙහෙවින් සාර්ථක බව එහිදී පැවසීය.

එන්නත් කිරීමේ සාර්ථතකත්වය සහ මුඛ ආවරණය පැළඳීම වැනි යහපත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරිම නිසා කොරෝනා වෛරසය මේවනවිට රටතුළ සැලකිය යුතු තත්ත්වයකට පාලනය වී ඇතිබව එහිදී සදහන් කළේය.

පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අඩුකර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පැවසීය.දෛනිකව පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 30000 ආසන්න සංඛ්‍යාවක් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය