Spread the love

පුරා විද්‍යා පනතට ගෙන ඒමට යෝජිත නව සංශෝධන මගින් පුරා වස්තු සදහා හානි කරන පුද්ගලයන් සදහා පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇතිබව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

අදාළ සංශෝධන මේවන විට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බෞද්ධ උපදේශන කමිටුව වෙත ඉදිරිපත් කර ඇතිබව පැවසීය.

ස්වාමීන්වහන්සේලාගේ උපදෙස් ලැබුණු පසු මහ ජනතාවගේ උපදෙස් ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසීය.

දඩ මුදල් සංශෝධනය කිරීම හැර තවත් කරුණු කිහිපයක් පනත සංශෝධනය කිරීම හරහා සිදුවන බවද වැඩිදුරටත් පැවසීය.