Spread the love


රටක් ලෙස අභියෝග හමුවේ නැගී සිට ජයගත් ඉතිහාසයක් හිමි අපට කොරෝන පරදා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නිදහසට කරුණු නොසොයා නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ වලට එලැබෙමින් සංචාරක කර්මාන්තය ගොඩනැගෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
කටුනායක ගුවන්තොටුපල පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.
එළැඹෙන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරේ.

පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි. මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.
ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය.
මෙවැනි උසස් තත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපලක් ආශ්‍රිතව ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි. පෞද්ගලික සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ
පරික්ෂණාගාරය ක්‍රියාත්මක වේ. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සදහ ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් අපි සියලු දෙනා එකතු වුණොත් අපිට සංචාරක ඉලක්ක සපුරා ගන්න පුළුවන්. රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අමාත්‍යාංශ තුනක් තියෙනවා. සංචාරක අමාත්‍යාංශය එයින් එකක්. කොවිඩ් වසංගතයක් එක්ක සංචාරකයන් මෙරටට පැමිණෙනවා නම් අනෙක් රටවල් ක්‍රියාත්මක වෙන ආකාරය අවබෝධ කරගෙන තරඟකාරීත්වයෙන් කටයුතු කරන්න වෙනවා.

විදේශීය රටකට යනකොට ලංකාවේදී අපේ පී.සී.ආර් රිපෝට් එකක් ගත්තම විදේශීය රටවලදි බාධාවක් ඇති වෙන්නේ නෑ. ඒ අත්දැකීම කියන සංචාරකයෝ අපේ රටට ආවම මුහුණ දෙන ගැටලු පිළිබඳව කියනවා. ගුවන් තොටුපලෙන් බැහැලා පී.සී.ආර් ගන්න ඕනේ. හෝටලයට ගිහින් දවසක් ගත කරන්න ඕන. ප්‍රතිඵලය ලැබෙන කල් හෝටලයෙන් එළියට යන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙනවා.මෙතනට එන සංචාරකයාට පැය තුනක්
ඇතුලත රිපෝට් එක දුන්නම සම්පූර්ණ එන්නත් එන්නත්කරණය වුණු සංචාරකයකුට සමාජගත වීමේ හැකියාව ලැබෙනවා. සම්පූර්ණ එන්නත් නොකරපු සංචාරකයන්ට දින දාහතරක් හෝටලයක ඉන්න ඕනේ.
සංචාරකයින් මෙතැනට ඇවිත් නෙගෙටිව් කියන රිපෝට් එකක් එක තමයි හෝටලයට යන්න ලැබෙන්නේ. තව දින කීපයකින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙතනින් පැය තුනක් ඇතුලත රිපෝට් එක ලබාගන්න පුළුවන්. නෙගෙටිව් රිපොර්ට් එකක් ලැබුණොත් ඔවුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව රට පුරා සංචාරය කිරීමේ හැකියාව
ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ ස්ථානයෙන් සිදු කෙරෙනවා.
මේ පර්යේෂණාගාරය සංචාරකයින්ට පමණක් සීමා කරන්නේ නැතිව ශ්‍රී ලාංකික රට විරුවන්ටත් පී.සී. ආර් සඳහා අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව පී.සී.ආර් රිපෝට් එක ලැබෙන කල් හෝටලයකට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳ නොයෙකුත් විවේචන ඇති වුණා. සෞඛ්‍ය ඇමතිතුමාත් රට විරුවන් වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නයි කියලා ඉල්ලා හිටියා.

රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් ද මෙහි දි කථා කළහ.