Spread the love

රට යලි විවෘත කර සාර්ථකව ඉදිරියට යාම සදහා සියලු දෙනා දැඩි වගකීමෙන් කටයුතු කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

සෑම දේකටම පිළිතුර රට වසා දැමීම නොවන බවයි.මේවන විට කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක බව පැවසීය.

සමස්ත ජනගහනයෙන් 50% වැඩි පිරිසක් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.සමාජය තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බව පැවසීය.

රෝගීන් අඩුවීම හා මරණ අඩුවීම යහපත් තත්වයකි.එම තත්වය තවදුරටත් පවත්වාගෙන යාම ජනතාවගේ වගකීමක් බව එහිදී සදහන් කළේය.

එන්නත් මාත්‍රා ලබා ගැනීම ,දෛනික කොරෝනා රෝගීන් සහ මරණ අඩු වුවද තවදුරටත් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බව පැවසීය.එසේ නොවුණහොත් තවත් රැල්ලක් ඉදිරියේදී ඇති විය හැකි බව පැවසීය.