එදා අසුව දශකයේදී තමන්ගේ ආරක්ෂාව තමන් ම සලසා ගතයුතු එවකට සිටි ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පැවසුවද අද එය වෙනස් වි තිබෙනවා. මන්ද කොරෝනා වසංගතය හමුවේ හැමෝගේම උදව් උපකාර අවශ්‍ය වෙනවා.
කොරෝනා රෝගීන් හට බොහෝ අවස්ථාව වලදී සතුට අවශ්‍යයි .ඒ සදහා ”ආසිරි හදවත” නැමැති කලාකරුවන් ,විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙන් හා ක්‍රියාකාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් එකට එක්වී රටපුරා රෝහල් වල රෝගීන් මානසිකව සුවපත් කිරිම සදහා සංගීතමය වැඩසටහන් ක්‍රියාත්මක කරයි .
යක්කල වැරැල්ලවත්ත කොරෝනා අතර මැදි මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගීන්ගේ සුවය සදහා මිහිරි සංගීතය අද සැපයු අයුරු.
