Spread the love

ඔක්තෝබර් පළමු වෙනිදා රට යලි විවෘත කර පසු ඊට පසුව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි යෝජනාවලියක් සකස් කරමින් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

බස්රථ ධාවනය කිරීම සදහා අවසර ලබා දුනහොත් එම ක්‍රමවේදයට අනුව බස්රථ ධාවනය සිදුකරන බව පැවසීය.

බස්රථ රියදුරන් සහ සහයකයින් එන්නත් දෙකම ලබා ගෙන සිටීම අනීවාර්‍යය බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.ආසන ගණනට පමණක් හෝ ආසන ගණනින් 50%ක් මගින් රැගෙන යනවා ද යන්න සාකච්ඡා කරමින් ඇතිබව පැවසීය.

එන්නත් ලබා ගෙන ඇති පුද්ගලයන් පමණක් බස්රථ වල රැගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතිබවද පැවසීය.පළමු වැනිදා කොරෝනා මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකා රැස්වීම ආරම්භ වීමට පෙර ඒ පිළිබඳව තීරණය කරන බව පැවසීය.

කොරෝනා වෛරසය හේතුවෙන් ආදායම් අහිමි වූ පීඩාවටපත් පෞද්ගලික බස්රථ හිමියන් සදහා සහන පැකේජය ලබාදීම මේවන විට ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.