Spread the love

අද (27)දිවයිනේ ප්‍රදේශ කිහිපයකට 100mm ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා නදී රූපසිංහ මහත්මිය පැවසූවාය.

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්ත්වය ඉතා අයහපත් බැවින් ධීවර කටයුතු වල යෙදී මෙදී ඉතා අවධානයෙන් පසුවන්න.කොළඹ ගාල්ල හා හම්බන්තොට යන ප්‍රදේශවලට විටින්වි ට වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකිවන අතර සෙසු මුහුදු ප්‍රදේශ වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මන්නාරම සිට කොළඹ ගාල්ල හම්බන්තොට යන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩිවේ .මේඅනුව මුහුද රළුවේ.

මේ අතර අද පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 21 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මාතර වෙරළපනාතර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.එම අගය 132mmකි.රත්නපුර දෙහෙනකන්ද ප්‍රදේශයට 122.5mm සහ නුවරඑළිය කළුගල ප්‍රදේශයට 112mm වර්ෂාපතනයක් ලැබි ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.