කොවිඩි 19 පිළිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ,දියවැඩියාව හා අධික රුධිර පීඩනය කොරෝනා මරණවලට ප්‍රමුඛතම හේතුව බවත්, කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 80% ක්ම අදාළ රෝගවලින් පෙලෙන රෝගීන් වන බවය.
නිවෙස් නිරෝධායනය වූ කොරෝනා රෝගීන් 75,000කට අධික පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි ද ඔහු පැවසුවේ ය.
ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භුමදාන මධ්‍යස්ථානයේ මේ වනවිට 3000 ඉක්මවා කොවිඩ් මරණ භුමදානය සිදු කර ඇතැයි ද වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.
