Spread the love

විවිධ මෝස්තරවලට අනුව ඇෆ්ගන් ජනතාවට කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..
ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් (Helmand) ප්‍රාන්තයේ ජනතාවයි මෙම තහනමට ලක්ව ඇත්තේ .

ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය උල්ලංඝණය කරන බව පවසමින් මෙම නීතිය පනවා ඇති අතර මෙම නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.