එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන යන්ත්‍ර වල කොටස් ලෙස සඳහන් කර මෙරටට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 220 ක් වටිනා රත්තරන් කිලෝ දහසයක් (16) ක් සමගින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

මෙම සොයා ගැනීමේ විශේෂත්වය වන්නේ මෙම භාණ්ඩ වල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන් වලින් නිර්මාණය කොට ඒහි සවි කොට රේගුව නොමග යැවීමට උත්සහ කොට තිබීය දී රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී භාවය නිසා එම උත්සාහය වැලක් වීමට හැකි වීමයි.

ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා සිදු කරන ලද මහා පරිමාණයේ රත්තරන් ජාවාරමක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
මෙම නීති විරෝධී ආනයනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කරයි.
