Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 44ක් (27) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
රුපියල් 7500 කොවිඩ් සහන දීමනාව රජය කපා දැමීම ,අතිකාල දීමනාව පැය දෙසීයක් කලහම ගෙවන්නේ පැය හතළිහක් හැටක් පමණි.පුරප්පාදු රාශියක් තිබෙනවා බදවා ගන්න කීවාම බදවා ගන්නේ විශ්‍රාම ගිය අයයිඒ අය එන්නේ නැහැ.සේවා පවත්වාගෙන යාමේ විශාල අපහසුතා තිබෙනවා කොවිඩ් සහන දෙන්නේ නැහැ.ප්‍රවාහන පහසුකම් දෙන්නේ නැහැ.
කොව්ඩ් වලින් 13 දෙනෙකු මියගියා ඒඅයට වන්දියක් නැහැ.වැටුපක් නැහැ ඒවාට විසදුමක් නොලැබෙන හෙයින් අද පැය පහක විරෝදතා ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවද පවසනවා.

වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමය එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූහ