Spread the love

මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක කතුවරුන් ඇතුලු මාධ්‍ය වේදීන් සුදු ලුණු වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිීරීමට රහස් පොලිසියට ගෙන්වීමට කටයුතු කිරීම පිළිබදව තමන් බලවත් සේ කණගාටුවට පත්වන බවත් .මාධ්‍යවේදීන් මෙලෙසින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නොගෙන්වන ලෙස අගමැතිවරයා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතාටද උපදෙස් ලබාදී ඇතැයි ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
සතොස ආයතනයේ සිදුවු සිදුවු සුදුලුණු වංචාව සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා එම වංචාව වාර්තාකල මාධ්‍ය වේදින් කිහිපදෙනකු මෙන්ම කතුවැකි ලියු ජේෂඨ මාධ්‍ය වේදීන් මෙලෙස අපාරාධපරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැදවීම තමන් දැනගත් බව පැවසු ජනමාධ්‍ය ඇමතිවයා එය කිසිසේ සිදු නොවිය යුතු තත්ත්වයක් බව අවධාරණය කළේය.
ජනාමාධ්‍යවේදීන්ට මෙවැනි ඉරණමකට මුහුණු දීමට ඒකාධිපතිවාදයට එරෙහිව ,යුත්තිය වෙනුවෙන් පෑන මෙහෙයවු මාධ්‍යවේදයකුවන මා ජනමාධ්‍ය ඇමතිධුරයේ සිටිනතාක් ඉඩ තබන්නේ නෑ