මෙවර මහ කන්නය සදහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිගයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවේ.
නයිට්‍රජන් කාබනික පොහොර මෙවර මහ කන්නය සදහා චීන සමාගමෙන් ආනයනය නොකිරිමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එම පොහොර සාම්පල් පරික්ෂා කිරිමේදී පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට පරික්ෂණවලින් හෙලිවීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
