Spread the love


පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදිත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ඊට අදාල ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයට උපදෙස් ලබාදී ඇත
තවද සුදුලුණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.