රට විවෘත කිරීමෙන් පසු නව කොරෝනා රැල්ලක් ඇති වීම වැළැක්වීම සදහා පොදු ප්‍රවාහන සේවා කළමනාකරණය කිරීම වඩා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමජික වෛද්‍ය නලීන්ද හේරත් මහතා පැවසීය.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එහි කටයුතු සිදුකිරීම වැදගත් බව පැවසීය.
මගී ජනතාව ද බස්රථ වල ගමන් කිරීමේදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් වෙයි.එසේ නොවුණහොත් ඉදිරියේදි තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානමක් තිබේ.නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මෙරටින් 4000 ඉක්මවූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ බව පැවසීය.
දෛනික මරණ සංඛ්‍යාව ද ඉහළ අගයක පැවති බව පැවසීය.එහෙත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය කාල සීමාව තුළ එම තත්ත්වය සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.එමගින් පැහැදිලි වනුයේ පොදු ප්‍රවාහන සේවා තුලින් කොරෝනා වෛරසය බෝ වීමේ ඉහළ හැකියාවක් පවතින බව වැඩිදුරටත් පැවසීය.
විදේශීය සංචාරකයන් සදහා රට විවෘත කිරීමේදී වඩා සැලකිලිමත් විය යුතු බව පැවසීය.
