Spread the love

සුදු සීනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතිබව ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසූවාය.

ඒ සදහා ණය වර ලිපි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. මාස 03 කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර  තිබූ බව සදහන්  කළාය.හෙට (01)සිට දින 10ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81ක් වරායෙන් නිදහස් කරගත යුතුබව ආනයන කරුවන්ට දැනුම් දී තිබේ.