අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්‍රය තුළ මාෆියාවක් නිර්මාණය කරමින් සිය බලඅධිකාරිය ගොඩනගා ගෙන සිටින ව්‍යාපාරික ජාලයට රජය කිසිවිටකත් යටත් නොවන බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනතාවට අවශ්‍ය සහල් අඩු මිලට කෙසේ හෝ ලබා දීමට රජය කටයුතු කරන බවත්, ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපතිතුමා වෙළද අමාත්‍යංශයටඋපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
රජය හදිසි නීතිය ගෙනාවේ උද්ඝෝෂණ මර්දනය කිරීමට නොව, සගවාගෙන සිටින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීමටත් , රජය පාඩු ලබමින් හෝ ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

රටට හිමිවන ආයෝජන නතර කරමින් ජනතාවට භාණ්ඩ ලබා ගැනීම අවශ්‍ය ඩොලර් නැති කර රට තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය උත්සහ කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ගම්පහ, අත්තනගල්ල, රන්පොකුණගම ඉදිකරනු ලබන “පහල මැදි ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය” සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (30) දින සහභාගී වෙමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නිවාස විෂයභාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
මෙම මහල් නිවාස ව්‍යාපෘතිය යටතේ නව නිවාස 72 ක් ඉදිවන අතර මේ සඳහා සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 300 කි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා, අමාත්‍යාංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන යන මහත්වරු සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
