පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් ලිට්‍රෝ ආයතනය රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය.
ලෝක පොළෙඳ පොළේ ගෑස් මෙ.ටො එකක මිල අද (01) සිට ඇමෙරිකානු ඩොලර් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ
නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ද එම එකමුතුව සඳහන් කරයි..
එය ඍජුව 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට රු 2,021ක් වුවත් අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු 1,493කට බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව අවධාරණය කරයි.
ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීමට අලෙවි කළ යුත්තේ රු 2,800කට බව ද එම එකමුතුව සඳහන් කරයි.
මෙම තත්ත්වය යටතේ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු 1,200කින් ඉහළ නැංවිය යුතු බව ද එම එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් සඳහන් වේ.

