Spread the love

එන්නත් මාත්‍රා රටට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි යෙන් ලැබී ඇති බැවින් සියළුම දිස්ත්‍රික් 26 අවශ්‍ය එන්තත් මාත්‍රා මිලියන 1.2 වඩා බෙදා හැර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අවුරුදු 20 වැඩි පුද්ගලයින් මිලියන 14.5 ක් සිටින බැවින් ඹවුන් සදහා වැය වන්නේ එන්නත් මාත්‍රා මිලියන 29 වුවද මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 31 ක් ලැබී ඇතැයිද වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහනා සදහන් කරයි.
මීට අමතරව තවත් මිලියන දෙකක ප්‍රමාණයක් වසංගත රෝග අංශයේ ගබඩා තුළ පවතිනු ඇත.
මේ නිසා අවුරුදු 20 ත්30 අතර කණ්ඩායම් වහාම තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ගොස් එන්නත ලබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි