Spread the love


අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ලබන මාසයේ පසුව සිදු කිරීමට ජනාධීපතිවරයා අවධානය‌ යොමු කර තිබෙනවා. දේශපාලන වාර්තා පවසන්නේ අයවැය යෝජනාව ඉදිරිපත් කර දෙසතියක් තුළ එම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

මේ දක්වා ක්‍රියාත්මක වූ අමාත්‍යංශවල ක්‍රියාකාරීත්වයන් හා ඒ ආකාරයන් පිළිබද පුළුල්ව සලකා බලා අදාල අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරිමට නියමිත බවත්, එම ක්‍රියාවලියේදී වර්තමානයේ ක්‍රියාත්මක අමාත්‍යංශ ගණනාවක අමාත්‍යවරුන් හා විෂය පථයන් පුළුල්ව වෙනස් කිරීමට තීරණය කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

අධ්‍යාපන, වරාය, කෘෂිකර්ම, වෙළද ඇතුළු අමාත්‍යංශ රැසක සංශෝධන සිදුකිරීමටත්, ඒ යටතේ ක්‍රියාත්මක විෂය පථයන්ද වෙනස් කිරීම කෙරෙහි අවදානය යොමු කර ඇති බවත් දේශපාල ආරංචි වැඩිදුරටත් සදහන් කළා.