තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රීංග්ලා අද ත්‍රිකුණාමලයට ගිය හෙලිකොප්ටරය හදිසි කාර්මික දෝෂයකට ලක්වී ඇතිබව වාර්තාවේ.
කොළඹින් පිටත්වී මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය බලා පිටත්ව ගොස් තිබේ.ලංකා ඔයිල් සමාගමේ නිෂ්පාදනයක් එළි දැක්විමේ අවස්ථාවට සහභාගිවීමෙන් අනතුරුව යාපනයට යාමට සැලසුම් කර තිබිණ.
නමුත් හෙලිකොප්ටරයේ කිසියම් කාර්මික දෝෂයක් ගුවන් හමුදා නිලධාරීන් හදුනා ගැනීමෙන් අනතුරුව කොළඹින් වෙනත් යානයක් ගෙන්වා ගෙන යාපනයට විදේශ ලේකම් වරයා රැගෙන යාමට කටයුතු කර ඇතැයිද වාර්තාවෙයි
