මත්වතුර භාවිතයෙන් දිනකට පුද්ගලයන් 55 දෙනෙකු මිය යන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාදි රාජපක්ෂ මහතා පැවසීය.
මත් වතුර භාවිතා කරන පුද්ගලයන් හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආර්ථික ,සමාජීය සහ මානසිකව දැඩි පීඩාවට පත්වන බව පැවසීය.මත් වතුර භාවිතය හේතුවෙන් පැයකට රුපියල් කෝටි 02 වියදමක් දැරීමට සෞඛ්‍ය අංශ වලට සිදුව ඇතිබව සදහන් කළේය.මත් වතුර පිළිකා කාරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇතිබව පැවසීය.
මේ අතර වත්මන් කොරෝනා තත්ත්වය හමුවේ මත්ද්‍රව්‍ය පානය කිරීම බෙහෙවින් අඩුවී ඇතිබවයත් අඩි හයක් උස පුද්ගලයකු බෝතලයක් ඉදිරියේ දණ ගහන් නැතිවිය විය යුතුයි.තම ජීවිතය මත් රකුසාට බිළිදීමට කටයුතු නොකළ යුතු බවද වැඩි දුරටත් පැවසීය.
