Spread the love


කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමේදී දිවයිනේ ප්‍රධාන රෝහල්වල හා කොවිඩ් රෝගීන් රැඳවුම් මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් සෞඛ්‍ය අංශය සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ වන විට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය අඩුවීමෙන් පවතින බවද පැහැදිලි වේ.‍
කොවිඩ් මර්දන වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මට්ටමේ රෝහල් කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇත්තේ, එම ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දීමේ අරමුණෙනි. ඒ අනුව ප්‍රාථමික සත්කාර ඒකක හා මූලික රෝහල් පද්ධතියට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.


මිහින්තලේ, තම්මැන්නාව, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ගලෙන්බිඳුණුවැව හා හුරුළුවැව රෝහල්වලට හා මිහින්තලේ, කහටගස්දිගිලිය, හොරොව්පතාන හා ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලටත් අවශ්‍ය භාණ්ඩ හා වෛද්‍ය උපකරණ ලබා දීම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු විය.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදාළ ආයතනවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුණගැසී ඔවුන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමට තීරණය කොට ඇත.