Spread the love


නැව්වලින් බැහැර කරන දැවිතෙල් අපහරණය විදිමත්ව නියාමණය කරලීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කොට ලබන සතියේ එම පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.


නැව්වලින් බැහැර කරන දැවිතෙල් ක්‍රමාණුකූල පරිපාටියකට අනුව බැහැර කිරීම මගින් රටට ඩොලර්වලින් උපයාගත හැකි ආදායමක් ලෙස එම ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ අරමුණකි.