Spread the love

ගෝලීය ප්‍රජාව විසින් ගනු ලැබූ සහ පැරිස් සම්මුතියේ අරමුණට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ශ්‍රී ලංකා රජයේ කැපවීම ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් නිශ්චය කරන ලද දායකත්වයන් තුළින් පිළිබිඹු කරන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2050 වන විට කාබන් අවම කිරීමට ශ්‍රී ලංකා රජය දී ඇති ප්‍රතිඥාවකි. 2050 වන විට කාබන් අවම කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා කාබන් විමෝචනය අවම කිරීම සහ හරිත ප්‍රතිසාධනය සඳහා වූ ජාත්‍යන්තර සහයෝගීතාව ඉතාමත් වැදගත් වේ යැයි ඊයේ පස්වරුවේ කොරියානු ජනරජයේ පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කොරියාව-ආසියා පැසිෆික් හරිත නව ගනුදෙනු සහයෝගීතා Korea- Asia Pacific news Green Deal Forum සංසදය සඳහා වූ ප්‍රධාන දේශනයේදී පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.