දිවයිනේ අද (06)පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී වාහන 07 ක් හා පුද්ගලයන් 80122 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පළාත් සංචරණ සීමාව මේ වනවිට දැඩිව ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව අනෙකුත් පළාත් වල සිට බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 13 කදි රථවාහන පරීක්ෂා කිරීම සිදුවන බව පැවසීය.
ඒ අනුව ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතට ඇතුළු වීමට හා පිටවීමට උස්සාහ දැරූ රථවාහන 2032 සමඟ පුද්ගලයන් 2982 පරීක්ෂාවට ලක්කර තිබේ.
තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
